Thursday, July 11, 2013

"And" වලින් වාක්‍ය සම්බන්ධ කිරීම

    Combination of Sentences With  "And"
                                                   "And" වලින් වාක්‍ය සම්බන්ධ කිරීම

ඔන්න යාළුවනේ තවත් ඉංග්‍රීසි ව්‍යාකරණයේ ගොඩාක් වැදගත් පාඩමක් අරගෙන අදත් මම අවා.  ඒ තමයි "and"වලින් වාක්‍ය සම්බන්ද කරන හැටි,
                                                           මෙහෙදී "and" වලින් වාක්‍ය සම්බන්ද කිරීමේදී වැදගත්ම දේ තමයි,
                               සම්බන්ද කරනු ලබන වාක්‍ය දෙකේ කතෘ  (Subject) සහ එම වාක්‍ය දෙක අයත් කාලය (Tense) සමාන විය යුතු වීමයි.

The simple Present tense

a . ඔයා එලියට යන්න 
a . You go out                               

b . ඔයා  බලන්න                           
b . You see

(a + b)  You go out and see
             ඔයා එලියට ගිහිල්ලා බලන්න

                            ඉහත උදාහරණයේ  (Subject) හා (Tense) සමාන වන නිසා එය අපට "and"වලින් සම්බන්ද කරන්න පුළුවන් ඒ නිසා මම එය පෙන්න and යටින් ඉරක් ඇද ඇත.
මෙන්න තවත් නිදසුනක්,

a . ඔවුන් මෙහේ එනවා 
a . They come here

b . ඔවුන් මට කරදර කරනවා 
b . They trouble  me

(a+b) They Come here and trouble me.
         ඔවුන් මෙහේ ඇවිල්ලා මට කරදර කරනවා. 
  
The simple Past tense 

a . ඔවුන් මෙහේ අවා.
a . They Come here 

b . ඔවුන් මට පහර දුන්නා
b . They attacked me

(a+b) They Come here and attacked me.
         ඔවුන් මෙහේ ඇවිල්ලා මට පහර දුන්නා    


a . ඔහු එහේ ගියා. 
a . He went there 

b . ඔහු ඔවුන් සමඟ ආරවුල් කළා.
b . He disputed with them

(a+b) 
         He went there and disputed with them 
         ඔහු එහේ ගිහිල්ලා ඔවුන් සමඟ ආරවුල් කළා


The simple Future tense 

a . ඔවුන් මෙහේ වී 
a . They will come here  

b . ඔවුන් මට තාඩන පීඩන කරාවී 
b . They will belabour me  

(a+b) They will Come here and belabour me
         ඔවුන් මෙහේ ඇවිල්ලා මට තාඩන පීඩන කරාවී

a . මම යන්නම්.
a . I will go 

b . මම කොණ්ඩය කප්පවාගන්නම්.
b . I will have a hair cut

(a+b)  I will go and have a hair cut
          මම ගිහිල්ලා කොණ්ඩය කප්පවා ගන්නම්.  
        
                ඔන්න යාළුවනේ "and" වලින් වාක්‍ය සම්බන්ද කරන හැටිත් දැන් ඔයාල දන්නවා ඉතින්, මේ ක්‍රම ටික භාවිතා කරලා දැන් වාක්‍ය නිතරම හදන්න බලන්න එතකොට මේවා ඉබේම ඔයාලට හුරුවෙනවා.

                                         හරි එහෙනම් ගිහින් එන්නම්! 

      
 





No comments:

Post a Comment