නාම පදයක් වෙනුවට භාවිතා කරනු ලබන වචනයක් සර්වනාම පදයක් ලෙස හැදින්විය හැකිය.
Pronouns Definition
A Pronouns is a word used intend of a noun.
Eg:- Nuwan followed a girl.
(noun) (noun)
නුවන් ගැහැනු ළමයෙක් පසුපස ගියා.
He gave her a letter
(Pronouns) (Pronouns)
ඔහු ඇයට ලිපියක් දුන්නා
He gave a letter to her.
(Pronouns) (Pronouns) මෙහි He සහ her සර්වනාම වේ.
But she refused it මෙහි She සහ it සර්වනාම වේ .
(Pronouns) (Pronouns)
නමුත් ඇය එය ප්‍රතික්ෂේප කරා
මේකේ අදහස කෙටියෙන් කිව්වොත් යාලුවනේ අපි ඔන්න දෙයක් ගැන කියද්දී එකේ නම නිතරම කියන් නෑ නේ.උදාහරණයක් කිව්වොත් "සමන් ජපානයට ගියා"දැන් අපි නිතරම සමන් ගැන කථා කරද්දී සමන් සමන් කියලම කියන නෑ නේ අපි "ඔහු" කියලත් කියනවනේ අන්න එතකොට ඒ ඔහු කියන එක තමයි සර්වනාම නාමය වෙන්නේ. මෙන්න මේ මම පහත දක්වා ඇති වගුවත් සමග අපි සර්වනාම තවත් පැහැදිලි කරගමු
මේ වගුවේ තීරු 6 මම වෙනවෙනම පැහැදිලි කරන්නම් කෝ .......
1 වන තීරුව Nominative Case - උක්ත අවස්ථාව
වැකියක කතෘ හෙවත් උක්තය (Subject) ලිවිම සදහා උක්ත අවස්ථාවේ පද භාවිතා කරයි .
Eg:- I admire such things
මම එවැනි දේවල් අගය කරනවා මේකේ Nominative Case එක තමයි "I"
2 වන තීරුව
objective Case - අනුක්ත අවස්ථාව
වැකියක ක්‍රියාපදයකට (Verb) පසුව හෝ නිපාත පදයකට(Preposition) පසුව අනුක්ත අවස්ථාවේ පදයක් භාවිතා කල යුතුය.
Eg:- They disgrace us.
(Nominative Case) (Verb) (objective Case)
ඔවුන් අපට නින්දා කරනවා
I know about him
(Nominative Case) (Preposition) (objective Case)
මම ඔහු ගැන දන්නවා
They asked me about her
(Nominative Case) (Verb) (objective Case) (Preposition) (objective Case)
ඔවුන් ඇය ගැන මගෙන් ඇහුවා
3 වන තීරුව Possessive adjective - අයිතිවාසිකම් හදුන්වන නාම විශේෂණ
අයිතිවාසිකම් හදුන්වන නාම විශේෂණ පදයකට පසුව අනිවාර්යෙන්ම නාම පදයක් භාවිතා කල යුතුය.
Possessive adjective + Noun
My idea - මගේ අදහස
Our mother tongue - අපගේ මව් භාෂාව
your heritage - ඔයාගේ උරුමය
your humanity - ඔයාලගේ මනුෂ්ෂත්වය
His aspirations - ඔහුගේ අපේක්ෂාවන්
Her gait - ඇයගේ ගමන් විලාසය
It s leather - උගේ සම
Their mother land - ඔවුන්ගේ මවු භුමිය
Eg:- මම මගේ අදහස ප්‍රකාශ කරන්නම්
I will express my idea.
ඔවුන් අපේ මව් භාෂාව හදාරනවා
They follow our mother tongue
4 වන තීරුව
Possessive Pronouns - අයිතිවාසිකම් හදුන්වන සර්වනාම
අයිතිවාසිකම් හදුන්වන නාම විශේෂණ පදයක් සමඟ යෙදෙන නාම පදයක් වෙනුවට අයිතිවාසිකම් හදුන්වන සර්වනාම පදයක් භාවිතා කරනු ලබයි.
ඒ කියන්නේ යාලුවනේ මම 3 වන තීරුව විස්තර කරද්දී පෙන්නුව මෙන්න මේ සමීකරණය (Possessive adjective + Noun) අපිට මේ Possessive Pronouns වලට සමාන කරන්න පුළුවන් කියනඑකයි
(Possessive adjective + Noun) = Possessive Pronouns
Eg:- This is my pen
මේක මගේ පෑන
This is mine
මේක මගේ
මේ වාක්‍ය 2 මම එකටම යටින් ඉරි ඇදලා තියන my pen වෙනුවට Possessive Pronouns එකක් වන mine අපට භාවිතා කල හැක.
5 වන තීරුව
Reflexive Pronouns - ස්වකර්මවාචි සර්වනාම
ක්‍රියාව කරනු ලබන පුද්ගලයාට ක්‍රියාවට යටත් වන අවස්ථාවේදි මෙම
ස්වකර්මවාචි සර්වනාම පදයක් භාවිත කරනු ලබයි.උදාහරණයක් ලෙස කිව්වොත් "ඔහු ඔහුටම වෙඩි තියාගත්තා"වගේ වාක්‍ය නිරුපණයට මෙය භාවිතා කරයි.
Eg:- ඇය ඇයටම ගහගත්තා
She hit her self
ඔහු ඔහුටම වෙඩි තියාගත්තා
He shoot him self
ඔහු ඔහුටම බැනගත්තා
He blamed him self
අපි අපිවම පවා දෙනවා
We betray our selves
6 වන තීරුව
Emphasizing Pronouns - අවධාරණත්මක සර්වනාම
යම්කිසි වචනයක් අවදාරණය කොට ප්‍රකාශ කිරීම සඳහා
අවධාරණත්මක සර්වනාම පදයක් භාවිතා කරනු ලබයි.
උදා:- ( ම , මයි )
Eg:- I saw that incident.
මම ඒ සිදුවීම දැක්කා.
I my self saw that incident
මම මයි ඒ සිදුවීම දැක්කේ.
1. ඔයාමයි පොරොන්දු කඩ කරන්නේ You your self break promises.
2. අපිමයි ඒ විදියට නෝන්ඩිවන්නේ
We our selves founder that way.
3. ඔවුන්මයි අපට කරදර කරන්නේ
They them selves bother us.
ඔන්න ඔය විදියට ඔයාලට කැමති කැමති විදියේ වාක්‍ය සාදාගන්නට මේ ක්‍රම යොදාගන්න පුළුවන්, මේ මම සදහන් කරපු වාක්‍ය නේ ඔයාලටත් ඕන විදියේ වාක්‍ය මේ සෑම ක්‍රමයක්ම උපයෝගී කරගෙන සාදාගන්න පුළුවන්.
එහෙනම් ඔන්න සර්වනාමත් කියල දුන්නා ඊළගට තවත් වැදගත් ලිපියකින් හමුවෙමු
ඔබට ජය !
ඒ කියන්නේ යාලුවනේ මම 3 වන තීරුව විස්තර කරද්දී පෙන්නුව මෙන්න මේ සමීකරණය (Possessive adjective + Noun) අපිට මේ Possessive Pronouns වලට සමාන කරන්න පුළුවන් කියනඑකයි
Eg:- This is my pen
මේක මගේ පෑන
This is mine
මේක මගේ
5 වන තීරුව
Reflexive Pronouns - ස්වකර්මවාචි සර්වනාම
ක්‍රියාව කරනු ලබන පුද්ගලයාට ක්‍රියාවට යටත් වන අවස්ථාවේදි මෙම
ස්වකර්මවාචි සර්වනාම පදයක් භාවිත කරනු ලබයි.උදාහරණයක් ලෙස කිව්වොත් "ඔහු ඔහුටම වෙඩි තියාගත්තා"වගේ වාක්‍ය නිරුපණයට මෙය භාවිතා කරයි.
Eg:- ඇය ඇයටම ගහගත්තා
She hit her self
ඔහු ඔහුටම වෙඩි තියාගත්තා
He shoot him self
ඔහු ඔහුටම බැනගත්තා
He blamed him self
අපි අපිවම පවා දෙනවා
We betray our selves
6 වන තීරුව
Emphasizing Pronouns - අවධාරණත්මක සර්වනාම
යම්කිසි වචනයක් අවදාරණය කොට ප්‍රකාශ කිරීම සඳහා
අවධාරණත්මක සර්වනාම පදයක් භාවිතා කරනු ලබයි.
උදා:- ( ම , මයි )
Eg:- I saw that incident.
මම ඒ සිදුවීම දැක්කා.
I my self saw that incident
මම මයි ඒ සිදුවීම දැක්කේ.
1. ඔයාමයි පොරොන්දු කඩ කරන්නේ You your self break promises.
2. අපිමයි ඒ විදියට නෝන්ඩිවන්නේ
We our selves founder that way.
3. ඔවුන්මයි අපට කරදර කරන්නේ
They them selves bother us.
ඔන්න ඔය විදියට ඔයාලට කැමති කැමති විදියේ වාක්‍ය සාදාගන්නට මේ ක්‍රම යොදාගන්න පුළුවන්, මේ මම සදහන් කරපු වාක්‍ය නේ ඔයාලටත් ඕන විදියේ වාක්‍ය මේ සෑම ක්‍රමයක්ම උපයෝගී කරගෙන සාදාගන්න පුළුවන්.
එහෙනම් ඔන්න සර්වනාමත් කියල දුන්නා ඊළගට තවත් වැදගත් ලිපියකින් හමුවෙමු
ඔබට ජය !
හොඳට පාඩම තේරුණා! ගොඩක් ස්තුතියි!
ReplyDeleteWell done
ReplyDeleteඔබට ගොඩක් ස්‍තූතියි.!!!👍👍
ReplyDelete