Friday, June 21, 2013

අපි නොදන්න කඩ්ඩ

                                                

      අපේ මව්භාෂාව එහෙම නැත්නම් අපි කියන විදියට මද(ර්)ලැන්වේජ් (mother language) එක ඉංග්‍රීසි භාෂාව නොවුනට මොකද්දෝ පවකට  අපිට අපේ  ජිවිතයේ බොහෝ දේවල් කරන්න වෙන්නේ  ඉංග්‍රීසි භාෂාව පෙරටු කරගෙන. අපිට විතරක් නෙමෙයි දැන් ජාත්‍යන්තර භාෂාව (international language )වෙලා තියෙන්නේද මේ අපිට අප්පිරිය වූ ඉංග්‍රීසි භාෂාවයි.ඉතින් අපි මේ ඉංග්‍රීසි භාෂාව අප්පිරියයි , මෙලෝරහක් නෑ චාටර් කිය කියා හිටියොත් අපිට අපේ ජීවිතය කවදාවත්ම ජයගන්න ලැබෙන් නෑ ඉතින් අපිත් කොහොමහරි අපිට මේ අප්පිරිය වෙච්ච ඉංග්‍රීසි භාෂාව ප්‍රිය කරගන්නම ඕන.නැත්නම් අපි පරාදයි එක ෂුවර්.
                                                                                                                     ඇත්තටම දැන් කිසිම දෙයක් කරන්න බෑ ඉංග්‍රීසි නැතුව කඩේකට ගියත් බැංකුවකට  ගියත් ඉංග්‍රීසි නැතුවම බෑ අඩුතරමේ දැන් බස් එකක යන්නත් ඉංග්‍රීසි පොඩ්ඩක් හරි ඕන මොකද බස් ටිකට් එකත් දැන් අලුත් විදියට දෙන්නේ ඉංග්‍රීසි වලින් නිසා.ඒ වගේම අපිට එන ඊ මේල් එකක් හරියට කියවල මිටර් කරගන්න ඉංග්‍රීසි ඕනමයි.අපිට කියවන්න ඉංග්‍රීසි පුළුවන් උනාට ව්‍යාකරණ එහෙමෙ නැත්නම් ග්රැම (Grammar) හරියට දන්නේ නැති නිසා ගොඩක් දේවල් වල කියල තියෙන දේ හරියට තෙරුම්ගන්න  බැරිවෙනවා ඒ වගේම තමයි අපි වචන වල තේරුම දන්නේ නැතිකම කියවන්න කොච්චර පුළුවන් උනත් තේරුම දන්නැත්නම් එකෙනුත්  වැඩක් නෑ ඒ නිසා අපි ව්‍යාකරණ (Grammar)ඉගනගන්න අතරේම වචන සහ ඒවායේ තේරුමත් කොහොම හරි මිටර් කරගන්නම ඕන.වැඩිය ඕන නෑ දවසට වචන 5 අපිට මතක තියාගන්න පුලුවන්නම් නම් වැඩේ ගොඩ. 
                                                                       එහෙනම් මේ  Blog එකෙන්  මම මුල ඉදලා කියල දෙන්නම් ඔයාලට එක කරන්නේ කොහොමද කියලා හරිම ලේසි කිසිදේකට බයවෙන්න එපා ටිකක් මීටරෙන් වැඩේ කරන්න එච්චරයි. 
                                                   මම මෙහෙමයි වැඩේ පටන් ගන්න හදන්නේ එකටම  ව්‍යාකරණ (Grammar)වලින් වැඩේ පටන් ගමු ඊට පස්සේ වාක්‍ය රටා (Sentence Patterns) ටික හෙමිට කියල දෙන්නම් මේ දෙක ගානට අල්ලා ගත්තා කියන්නේ  ඉංග්‍රීසි ගේමක් නෑ හොදේ.පස්සේ ඩයලොග්(Dialogues) ටික කියලා දෙන්නම්.හරියට ව්‍යාකරණ ටිකයි වාක්‍ය රටා ටිකයි දන්නවනම් ඩයලොග් තමන්ටම හදාගන්න පුළුවන් එත් මම කියලදෙන්නම්.
                               ආ... තව දෙයක් දැන් අපේ සිංහල භාෂාවේ තියනවනේ පැරණි වදන් උදාහරණ විදියට දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ ඒවා ඉතින් මේ වගේ දේවල් මේ ඉංග්‍රීසි භාෂාවේ ද තියනවා ඒවාට කියන්නේ සම්ප්‍රදායානුකූල යෙදුම් (idioms)  
කියල උදාහරණයක් ගත්තොත් Here's  a  go - මෙන්න වැඩක් මේ යෙදුම් විශේෂත්වය තමයි ඉංග්‍රීසි වචනෙන් කියවෙන අර්ථයට ගොඩක් පරස්පර දෙයක් මෙහි තේරුම වීමයි.ඉතින් ඔන්න ඔය වගේ ගොඩක් ලස්සන දේවලුත් මේ ඉංග්‍රීසි භාෂාව තුළ තියනවා අපි ඒවා එකින් එක පිළිවලකට ඉගනගමු.                 
                                ඔන්න එහෙනම් මේ Blog එකෙන්  කරන්න යන දේ කියල ඉවරයි දැන් කථා නෑ වැඩ විතරයි හරිනේ,
                                                                                     ජයවේවා!                                                                              

1 comment: