Friday, June 21, 2013

නීති හතරක තරම

මේ ලිපියෙන් මම ඔයාලට තවත් වැදගත් දේවල් ටිකක් කියන්නයි යන්නේ  විශේෂයෙන්ම මම ගොඩක් වැදගත් වන නීති 4ගැන ඔබට කියා දෙන්නයි යන්නේ එහෙනම් බලමුකෝ ඒ ටික ,

   මෙන්න මේකයි කථාව වර්ථමාන කාලයේදී (Present Tense) වැකියක කතෘ(Subject) ඒකවචන(Singular) වූ විට එම වැකියේ ක්‍රියා පදයද  (Verb) ඒකවචන ස්රුපයෙන් අනිවාර්යෙන්ම තැබිය යුතු වේ.මම කිව්ව එක ඔයාලට රූපසටහනකින් පෙන්නුවොත් මෙන්න මෙහෙමයි,

 
        ඉංග්‍රීසි භාෂාවාට අනුව He  ,  She , it  යන කතෘ පද ඒකවචන ලෙස තමයි සලකන්නේ,එමෙන්ම ඒ හා සමාන නාමපදත් ඒකවචන ලෙස සැලකේ.වැදගත් දෙයක් තමයි Every-(සෑම/හැම ) යන පදයෙන් පටන් ගන්නා නාම පදයක් ඒකවචනයක් ලෙස තමයි සලකන්නේ.

දැන් තමයි ඔන්න මම අර කිව්ව නීති 4 ට බහින්නේ,

වාක්‍යක කර්තෘ එක වචන නම් ක්‍රියාවද අනිවාර්යෙන්ම ඒකවචන ස්වරුපයෙන් තියන්න ඕන නේ එත් කොහොමද එක කරන්නේ????මෙන්න මෙහෙමෙයි 

ක්‍රියාපද ඒකවචන කිරීමට පහත සදහන් නීති අනුගමනය කරයි.

1.ක්‍රියාවක මුලික අවස්ථාව S , Sh , Ch , X  වලින් හෝ  O අකුරින් අවසන් වෙනවා නම් අපි එහි අගට "es" එකතු කරගෙන  ඒකවචන ස්වරූපය ගොඩනගාගත යුතුයි.    

 "S" අකුරින් අවසන් වන ක්‍රියා පද සහ ඒවාට උදාහරණ,

 Caress     - සුරතල් කරනවා /වැලදගන්නවා     Caresses
 Surpass   - අභිබවා යනවා                               Surpasses
 Kiss        - සිපගන්නවා                                   Kisses
 harass     - ලෙල්ලම් කරනවා/පීඩාකරනවා      harasses
 trespass   - අවසර නොගෙන ඇතුළුවෙනවා     trespasses


1.ඇය ඒ බබාව සුරතල් කරනවා .
   She Caresses that baby.
2.දමිත් හැමදාම පංතියට අවසර නොගෙන ඇතුළු වෙනවා.
  Damith trespasses the class everyday.
3.හැමෝම ඒ දුප්පත් ශිෂ්‍යාට පීඩා කරනවා 
  Everybody harasses that indigent pupil.
4.ඒ පුද්ගලයා හැම භාදකයක්ම දක්ෂ ලෙස අභිබවායනවා.
  That person surpasses every obstacle cleverly.     


 "Sh" අකුරින් අවසන් වන ක්‍රියා පද සහ ඒවාට උදාහරණ,


lavish       - අධික ලෙස වියදම් කරනවා                 lavishes   
Vanish      - අතුරුදහන්වනවා / නොපෙනියනවා    Vanishes
banish       - පිටුවහල් කරනවා                               banishes
Polish        - ඔපදමනවා                                        banishes
Varnish      - ඔපදමනවා / ඔපය                             Varnishes
Vanquish   -යටත්කරගන්නවා                               Vanquishes

1.ඒ ව්‍යාපාරිකයා අධික ලෙස මුදල් වියදම් කරනවා 
   That businessman lavishes money.
2.ඇය පිරිමි ළමයින්ව වසගයට ගන්නවා 
   She mashes the boy.

මම දීලා නැති වචන යොදාගෙනත් උදාහරණ දෙන්නම් කෝ  එතකොට තවත්  අලුත් වචන හුරුවෙනවා  නේ 



 "Ch" අකුරින් අවසන් වන ක්‍රියා පද සහ ඒවාට උදාහරණ,


 Scratch   - කසනවා / පහුරුගානවා                          Scratches
 Catch     - අල්ලනවා / වැළදෙනවා / බෝ වනවා      Catches
 match     - ගලපනවා / සරිලනවා                             matches
 patch      - කෑල්ලක් තියල අල්ලනවා/ණ්ඩ දානව  patches
 preach    - දේශනාකරනවා / උගන්වනවා               preaches


1.ගයනි ඕනෑම දෙයක් නිවැරදිව ගලපනවා.
   Gayani matches anything correctly.  
2.ඒ උප පොලිස් පරීක්ෂක වරයා උපායශිලිව සොරුන් අල්ලනවා.
   That Sub inspector of police catches the thieves tactfully.
3.ඒ හාමුදුරුවෝ චතුර ලෙස දහම් දේශනාකරනවා.
   That monk preaches daham fluently.


 "X" අකුරින් අවසන් වන ක්‍රියා පද සහ ඒවාට උදාහරණ,

 Fix      - සවිකරනවා                                  Fixes
 mix     - කලවම්කරනවා / මිශ්‍ර කරනවා      mixes
 relax   - විවේක ගන්නවා                           relaxes
 vex     - හිරිහැරකරනවා / පීඩා කරනවා      vexes

1.ඔහු අද ඒ එංජිම සවිකරනවා 
   He fixes that engine today.
2.ඒ බෙහෙත් වෙළෙන්දා නොසැලකිලිමත්ව බෙහෙත් කලවම් කරනවා.
   That pharmacist mixes drugs neglectfully.
3.හැමෝම මේ සිසුවාට මගදී පීඩාකරනවා.
   Everyone vexes this student on the way.


  "O" අකුරින් අවසන් වන ක්‍රියා පද සහ ඒවාට උදාහරණ,
  
  go               -  යනවා / ගතවනව                                   goes
  do               -  කරනවා / හදනවා /පිළියෙළ කරනවා      does
  undo           -  ලිහනවා                                                 undoes
  echo            - ප්‍රතිනාද දෙනවා /රැව් පිරි රැව් දෙනවා       echoes
  bastinado    - යටි පතුලට පහර දීමෙන් දඬුවම් කරනවා. bastinadoes

1. විජේසිංහ මහත්මයා කෝච්චියෙන් වැඩට යන්නේ.
    Mr:Wijesinhe goes to work by train.
2. ඒ බියකරු ශබ්දය හැම රැයකම කෑලාතුළින් දොන්කාරදෙනවා.
    That terrible Sound echoes through the jungle every night.
3. ඔහු හැම බැරෑරුම් වැඩක්ම කඩිසරව කරනවා. 
    He does every formidable task diligently.   

2.ක්‍රියාවක මුලික අවස්ථාව "Y"අකුරින් අවසන් වන විට දී , යාලුවනේ ඊට ඉදිරියෙන් ස්වර (Vowels - a,e,i,o,u)වලට අයිති අකුරක් තිබුනොත් එම ක්‍රියාව ඒකවචන කිරීමට අගට "S"එකතු කල යුතුයි. 


එයට උදාහරණ 
මම උදාහරණ 2 පමණක් S අකුර යොදල පෙන්නවන්නම්  යාලුවනේ   (say & prepay)

Say          - කියනවා /පවසනවා                       Says
gainsay    - පටහැනිව කථාකරනවා
Pay          - ගෙවනවා 
repay       - නැවත ගෙවනවා
prepay     - කලින් ගෙවනවා                            prepays
buy          - මිළදී ගන්නවා
delay       - අතපසුකරනවා / ප්‍රමාද වෙනවා
decoy       - උපායෙන් රවට්ටගන්නවා
Pray         - යදිනවා
Convey    - ගෙනයනවා / පමුණුවනවා

1.ඒ ගෑණි පරුස වචන කියනවා.
   That women says smuts.
2.ඔහු සේවකයන්ට සෑම මසකම කලින් ගෙවනවා.
   He prepays the workers every month. 
3.හැමෝම ඒ පුද්ගලයාට හිරිහැර කරනවා.
   Everybody annoys that person  
4.ඔහු ගැනු ළමයින්ව උපායෙන් රවට්ටගන්නවා.
   He decoys the girls

         ක්‍රියාවක මුලික අවස්ථාව "Y" අකුරින් අවසන් වෙනවා.එත් ඊට ඉදිරියෙන් ව්‍යංජන අකුරක් තිබ්බොත් මොකද කරන්නේ ආ....එක තමයි තුන්වන නියමය 

3.ක්‍රියාවක මුලික අවස්ථාව "Y" අකුරින් අවසන් වන විටදී ඊට ඉදිරියෙන් ව්‍යංජන අක්ෂරයකට (Consonant) අයත් වන අකුරක් තිබුණහොත් ක්‍රියාව ඒකවචන කිරීමට මෙම "Y" ඉවත් කර අගට "ies"එකතු කලයුතුයි. 

මෙන්න එකට නිදසුන් 

මම මේකෙ  උදාහරණ 3 පමණක් ies  යොදල පෙන්නවන්නම්  යාලුවනේ 

deny         - නැහැයි කියනවා / බැහැයි කියනවා   denies
study        - පාඩම් කරනවා / ඉගන ගන්නවා        studies
beautify    - අලංකාර කරනවා / සරසනවා           beautifies
terrify       - භයකරනවා
fry            - බදිනවා
try             - උත්සහකරනවා
cry            - අඬනවා
carry         -රැගෙනයනවා / අරගෙනයනව 

1.හැමෝම අද වේදිකාව සරසනවා. 
  Everybody beautifies stage today.
2.ඒ මිනිහා රෑට පුංචි ළමයින්ව භය කරනවා.
  That man terrifies small children at night.
3.නිමල් මහත්තයා වැසි දවස් වලට කුඩයක් අරගෙන යනවා 
  Mr: Nimal carries an umbrella on rainy days
4.හැම සිසුවෙක්ම නෙවසිකගාරයේදී උනන්දුවෙන් පඩාම්කරනවා 
  Every student studies earnestly at the hostel

ඔන්න යාලුවනේ අවසන්  නීතිය බලන්කෝ

4.ක්‍රියාවක මුලික අවස්ථාව s , sh , ch , x , o  වලින් හෝ  y අකුරින් අවසන් නොවන විටදී ක්‍රියාව ඒකවචන කිරීමට අගට "S" එකතු කල යුතුයි.


එයට උදාහරණ

attack         - පහරදෙනවා                           attacks
assault        - පහරදෙනවා                           assaults
ban             - තහනම් කරනවා                     bans
beg             - සිගාකනවා                             begs
borrow       - ණයටදෙනවා                          borrows
suffer         - දුක්විදිනවා                              suffers
economize - අරපිරිමැස්මෙන් වැඩකරනවා   economizes
traffic         - වෙලහෙලදම් කරනවා             traffics


1.පෙරේරා මහත්මිය සාරී අදිනවා.  
   Miss Perera wears sarees.
2.ඒ ළමයා විනෝදාංශයක් වශයෙන් පැරණි කාසි හා මුද්දර එකතු කරනවා. 
   That child collects old coins and stamp as a hobby.
3.මේ බල්ලා හැමදාම උඩුබුරනවා.
   This dog howls everyday.
4.ඔහු පුරුද්දක් වශයෙන් දුම්පානය කරනවා.
   He smokes as a habit.
5.ඕනෑම ගැනු ළමයෙක් විලාසිතා පානවා.
   Any girl coquets.
   
 
  •  තවත් වටිනා , වැදගත් ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩමක් රැගෙන ඉක්මනින් එන්නම්   
                                                                                   ඔබට ජය !  
                                                                                

 





No comments:

Post a Comment