Monday, June 24, 2013

අතීතය සහ අනාගතය

    The Simple Future Tense
සරළ අනාගත කාලය

 යාලුවනේ, ඕනෑම ක්‍රියාපදයක මුලික ස්වරුපයක් (ඒ කියන්නේ infinitive) ගෙන එය ඉදිරියෙන් "විල්" (Will) භාවිතා කිරීමෙන් අපිට අනාගත කාලයක(Future Tense) වාක්‍යක් නිර්මාණය කරගත හැකිය.


infinitive           will infinitive        Future tense
                                                        ......වි /......නම්
මෙන්න උදාහරණ :

enrobe - මහන වෙනවා                       Will enrobe - මහන වේවි / මහනවෙන්නම් 
disrobe- සිවුරු අරිනවා                        Will disrobe - සිවුරු අරිවී / සිවුරු අරින්නම් 
Vociferate- හඬනගා ප්‍රකාශ කරනවා    Will Vociferate-හඬනගා ප්‍රකාශකරාවි / හඬනගා ප්‍රකාශකරන්නම්  


දැන් මේ රටාවෙන් වාක්‍ය ටිකක් නිර්මාණය කරලා  අනාගතය තවත් තහවුරු කරගමු.

Subject - Will infinitive - Details - Time Period

Eg:- මම ඉක්මනින් සුදානම් වෙන්නම්. 
        I will get ready soon.
        ඔවූන් කල් තියා සාදයට ඒවි.
        They will come for the party before hand.
        අපි හැකි ඉක්මනින් එතනට ලගා වෙන්නම්.
        We will reach there as soon as possible.
        හැමෝම වැඩසටහනට සහභාගී වේවි. 
        Everyone will Participate in the programme.
        යා රැවටෙවී. 
        You will be cheated.

 

The Simple Past Tense
සරළ අතීත කාලය 

 Subject  -  Verb  -  details  -  Time period 
                                  (මේ verb එක Past tense වලින් තියන්න ඕන)

මම ඊයේ රචනාවක් ලිව්වා.
I wrote an assay yesterday.
අපි ගිය සිකුරාදා ඒ තරගය පැවැත්වුවා.
We held That match last Friday.  
හැමෝම අතන කලබල කරා.
Everyone excited there. 
මම එහෙම හිතුවා.
I thought so.
ඇය එක පාරටම බැහැයි කිව්වා.
She denied at once.
ලලන්ත ඊයේ පාසලේදී ක්ලාන්ත වුණා.
Lalantha fainted at school yesterday.



 දැන් මම කාල දෙකකට අදාල වාක්‍ය තනන විදිය ඔයාලට කියල දුන්නනේ ඉතිං දැන් මේවා උපයෝගී කරගෙන නිතරම වාක්‍ය හදන්න,වාක්‍ය හදන්න ලියන්නම ඕන නෑ හිතින් ඔය නිකන් එන්න ගමන් වාක්‍ය හදන්න ඊට පස්සේ  වචන පාඩම් කරගන්න වැඩේට කැමැත්තක් ඇති කරගන්නකො එතකොට නිකන්ම Grammar ටික අල්ලා ගන්න පුළුවන් කිසි දෙකට බයවෙන්නේ එපා.
                                                         මම ඊලග ලිපියෙන් ඔයාලට කියල දෙන්නම් කෝ "සර්වනාම" අර Pronouns කියන්නේ අන්න ඒවා.  
                                                         හරි එහෙනම් ගිහින් එන්නම්කෝ  ඒ ලිපියත් හදාගෙන...... 
          
                                                                                  ඔබට ජය ! 


 
                                                       





No comments:

Post a Comment