Friday, June 21, 2013

අර්ථ දැක්වීම් සමඟ පියවර 3 කින් මුලික ව්‍යාකරණ හදුන්වාදීම

                                                          Grammar (ව්‍යාකරණ)

Nouns - නාමපද

Definition - අර්ථ දැක්වීම

A noun is a name of a person or a Place or a thing or an animal.
                                 ඒ කියන්නේ ,
නාමපදයක් යනු යම් පුද්ගලයෙක් යම් ස්ථානයක් යම් දෙයක් හෝ යම් සතෙක් හදුන්වන නමකි.


Verbs - ක්‍රියාපද

Definition - අර්ථ දැක්වීම


A Verb is a doing or a happening.
                                                       මේකේ අදහස ,
ක්‍රියා පදයක් යනු යම් කිරීමක් හෝ සිදුවීමකි.මේකට උදාහරණ මෙහෙම දෙන්නම් කෝ 

Eg:-  Doings
  •  Patronize        -  අනුග්‍රහය දක්වනවා
  •  Nationalize     -  ජනසතු කරනවා
  •  Demoralize     -  චරිතය ඝාතනයකරනවා
  •  moralize          -  යහපත සහ  අයහපත තේරුම් කර දෙනවා 
  •  tantalize           -  වදදෙනවා (බලාපොරොත්තු ඇති කරලා ඒවා නැවත නැති කරල )
Eg:-  Happenings
  •  Snow               -  හිමවැටෙනවා
  •  decay               -  දිරපත්වෙනවා
  •  rot                    -  කුණුවෙනවා
  •  Catch-fire        -  ගිණිගන්නවා
  •  effloresce         -  මල්හටගන්නවා/පුදිනවා  (මේක කියවන්නේ  "ඇෆ්ලොරෙස්" කියලා)  
ආ ඔන්න වචන 5 ට 10 ක් ම තියනවා පාඩම් කරගන්න හොදේ.....

දැන් මේ ටිකත් හොදට බලාගන්නකෝ ,
               සෑම ක්‍රියාපදයක්ම වර්තමාන කාලයේදී (Present tens) බහුවචන ස්වරුපයෙන් (Plural form)තමයි පවතින්නේ ඉතින් අපි එය ක්‍රියා පදයේ මුලික අවස්ථාව හෙවත් ඉන්ෆිනිටිව් (Infinitive) කියලා තමයි හදුන්වන්නේ,ඇත්තටම අපි නෙවයි ඉංග්‍රීසි භාෂාවේ මේක හදුන්වලා තියෙන්නේ එහෙමයි මේ පහත රූපසටහන දැක්කම මම කිව්ව දේ තවත් මිටර් වෙයි.

        I           මම
        
       WE       අපි
                                                  මේ ටික Plural එහෙම නැත්නම් බහුවචන
       YOU     ඔයා/නුබ 

       YOU     ඔයාලා/නුබලා 

       He        ඔහු
     
       She       ඇය                       මේ ටික Singular එහෙමත් නැත්නම් ඒකවචන

       it           ඌ / ඒක

        

       They     ඔවුන් / ඒවා            මේ කත් Plural එකක් බහුවචනයක් 

සමහරවිට ඔයාලා මේ මම ඉහත කිව්ව ටික නම් දන්නවත් ඇති ත් වැඩේ මැදින් පටන්න ගන්න බෑනේ ඒ නිසා ඒ ටිකත් කියලම වැඩේ පිළිවලට පටන් ගත්තා.හරි එහෙනම් ඉහත දැනුමත් උපකාරි කරගෙන දැන් අපි බලමු කොහොමද ඉංග්‍රීසියෙන් වාක්‍ය ගොඩනගන්නේ කියලා,

How to Write a Sentence in English 
 # මේක මම පියවර 3 කින් ඔයාලට කියල දෙන්නම් නැත්නම් වැඩේ අච්චාරුවක් වගේ වෙනවා. ඒ කියන්නේ මොන සෙල්ලම් දාලා වාක්‍ය හැදුවත් ඉංග්‍රීසි වල මම මේ පහත කියන පියවර 3 ට හැරෙන්නට වාක්‍ය නිර්මාණය කරන්න බෑ,කොටින්ම කිව්වොත් මේ පියවර 3 ට පිටින් වාක්‍යක් හදන්න බෑ මේ පියවර 3 ඉගනගන්නම ඕන. ඔන්න එහෙනම් පළමු පියවර 

First Step
මේ මම ඉහත කිව්ව පියවර 3න් පළමු එක එනම්,ඉංග්‍රීසි වල ඇති සරලම වාක්‍ය හදන පියවර මෙය කතෘ සහ ක්‍රියාව පමණක් ඇති වාක්‍ය නිර්මාණය කිරීමට යොදාගනී.
            
                               Subject   -   Verb    

මෙන්න උදාහරණ,
  1. යා තීරණය කරන්න   - you adjudicate.
  2. ඔවුන් අකුල්හෙලනවා   - They obstruct
  3. අපි ගරුකරනවා           - we respect
  4. යා භාදා පමුණුවනවා   - you impede
  5. යා සිතාගන්න             - you imagine
  6. අපි අධික ලෙස වියදම් කරනවා - we lavish
Second Step
මෙය කතෘ සහ ක්‍රියාවට අමතරව වෙනයම් මොකක් හරි කාරණයක් වාක්‍යක ඇත්නම් එවැනි වාක්‍ය නිර්මාණයට යොදා ගනී. එනම් කතෘ සහ ක්‍රියාව හැරුනම ඇති අනෙකුත් දෑ 


     Subject   -   Verb   -  Details    


මෙයට උදාහරණ,
  1. යා ඒ  ගමන කල් දමන්න    - you postpone that journey
  2. යා තීරණය කරන්න     - you decide it 
  3. ඔවුන් අශෝබන ලෙස හැසිරෙනවා - They behave uncouthly
  4. යා ඒ සම්බන්දය අත්හරින්න -you give up that affair
  5. අපි මනුෂ්ෂත්වය අගය කරනවා - We admire humanity
  6. ඔවුන් මුදල් නාස්ති කරනවා  - They squander money

මෙන්න මේ උදාහරණ වල ඇති පළමු වාක්‍ය අරන් මම මේක විස්තර කරොත්, ඔයා ඒ ගමන කල් දමන්න ඔයා  මොකද්ද කල් දමන්නේ කියල ප්‍රශ්න කොරොත් අපිත ලැබෙන උත්තරේ තමයි "ඒ ගමන" එතකොට යාලුවනේ මේකේ Details තමයි "ඒ ගමන" කියන එක.  අන්න ඒ වගේ මේක කියවන ගමන් වාක්‍ය වලින් නිතරම ප්‍රශ්න කරන්න එතකොට මේක නිකම්ම මීටර් වෙනවා.

Third Step
තුන්වන පියවර තමයි  කතෘ , ක්‍රියාව , අනෙකුත් කරුණු  වලට අමතරව වාක්‍යක කාල පරාසයක් තියෙන්න පුළුවන්නේ ඉතින් මේ කාල පරාසයත් එකතු කරලා (Time Period) වාක්‍යක් තනා ගන්න විදිය තමයි මේ පියවරෙන් මම කියලා දෙන්නේ


       
    Subject   -   Verb   -  Details    -   Time Period

මෙන්න උදාහරණ,

 1. ඔයා අද මෙහි නතර වෙන්න.
     you stay at here today.
 2. ඔයා අද එය නිගමනය කරන්න.
     you deduce it today.
 3. ඔයා අද නාන්න.
     you also have bath today.
 4. ඔවුන් ඉදහිට මුහුදු වෙරළේ පෙම් කෙලිනවා.  
     They gambol on the sea beach once in a way.
 5. ඔවුන් හැමදාම බස් නැවතුම් පලේ ගැවසෙනවා.
     They hand around at the bus stand everyday. 
 6. ඔයා අද තීරණයක් ගන්න.
     you take a decision today. 

දැන් ඔන්න මේ උඩ තියන 6වන උදාහරණය ගත්තොත්,"ඔයා අද තීරණයක් ගන්න" කියන එකෙන් අපි ප්‍රශ්ණ කරොත් ඔයා කවද්ද තීරණයක් ගන්නේ කියල කට ලැබෙන පිළිතුර තමයි "අද" කියන එක අන්න එක තමයි එතකොට යාලුවනේ "Time Period" එක. 

                       තවත් දෑ ඊලග ලිපියෙන්....    














No comments:

Post a Comment