Thursday, July 11, 2013

"And" වලින් වාක්‍ය සම්බන්ධ කිරීම

    Combination of Sentences With  "And"
                                                   "And" වලින් වාක්‍ය සම්බන්ධ කිරීම

ඔන්න යාළුවනේ තවත් ඉංග්‍රීසි ව්‍යාකරණයේ ගොඩාක් වැදගත් පාඩමක් අරගෙන අදත් මම අවා.  ඒ තමයි "and"වලින් වාක්‍ය සම්බන්ද කරන හැටි,
                                                           මෙහෙදී "and" වලින් වාක්‍ය සම්බන්ද කිරීමේදී වැදගත්ම දේ තමයි,
                               සම්බන්ද කරනු ලබන වාක්‍ය දෙකේ කතෘ  (Subject) සහ එම වාක්‍ය දෙක අයත් කාලය (Tense) සමාන විය යුතු වීමයි.

The simple Present tense

a . ඔයා එලියට යන්න 
a . You go out                               

b . ඔයා  බලන්න                           
b . You see

(a + b)  You go out and see
             ඔයා එලියට ගිහිල්ලා බලන්න

                            ඉහත උදාහරණයේ  (Subject) හා (Tense) සමාන වන නිසා එය අපට "and"වලින් සම්බන්ද කරන්න පුළුවන් ඒ නිසා මම එය පෙන්න and යටින් ඉරක් ඇද ඇත.
මෙන්න තවත් නිදසුනක්,

a . ඔවුන් මෙහේ එනවා 
a . They come here

b . ඔවුන් මට කරදර කරනවා 
b . They trouble  me

(a+b) They Come here and trouble me.
         ඔවුන් මෙහේ ඇවිල්ලා මට කරදර කරනවා. 
  
The simple Past tense 

a . ඔවුන් මෙහේ අවා.
a . They Come here 

b . ඔවුන් මට පහර දුන්නා
b . They attacked me

(a+b) They Come here and attacked me.
         ඔවුන් මෙහේ ඇවිල්ලා මට පහර දුන්නා    


a . ඔහු එහේ ගියා. 
a . He went there 

b . ඔහු ඔවුන් සමඟ ආරවුල් කළා.
b . He disputed with them

(a+b) 
         He went there and disputed with them 
         ඔහු එහේ ගිහිල්ලා ඔවුන් සමඟ ආරවුල් කළා


The simple Future tense 

a . ඔවුන් මෙහේ වී 
a . They will come here  

b . ඔවුන් මට තාඩන පීඩන කරාවී 
b . They will belabour me  

(a+b) They will Come here and belabour me
         ඔවුන් මෙහේ ඇවිල්ලා මට තාඩන පීඩන කරාවී

a . මම යන්නම්.
a . I will go 

b . මම කොණ්ඩය කප්පවාගන්නම්.
b . I will have a hair cut

(a+b)  I will go and have a hair cut
          මම ගිහිල්ලා කොණ්ඩය කප්පවා ගන්නම්.  
        
                ඔන්න යාළුවනේ "and" වලින් වාක්‍ය සම්බන්ද කරන හැටිත් දැන් ඔයාල දන්නවා ඉතින්, මේ ක්‍රම ටික භාවිතා කරලා දැන් වාක්‍ය නිතරම හදන්න බලන්න එතකොට මේවා ඉබේම ඔයාලට හුරුවෙනවා.

                                         හරි එහෙනම් ගිහින් එන්නම්! 

      
 





Friday, July 5, 2013

අරමුණු ප්‍රකාශ කරන හැටි


 How to express the Purposes 

අරමුණු ප්‍රකාශ කරන හැටි  

 

To Confront   -  මුණගස්සන්න / මුණගස්සන්න කියා
To Console       -   සනසන්න  /  සනසන්න කියා 
To Convey     -  පමුණුවන්න / පමුණුවන්න කියා 
To Converse   -  සාකච්චාකරන්න /  සාකච්චාකරන්න කියා 
To Purchase    -  මිලදී ගන්න /  මිලදී ගන්න කියා

First Step

Subject  -  Verb  - to + infinitive - details  -  Time period

   මම ඔය යටින් ඉරක් ඇදලා තියන කොටස තමයි යාලුවනේ අරමුණ එහෙම නැත්නම් purpose එක   

Eg:- මම කැමති ලේ බිදක් දන්දෙන්න. 

        I like to donate a drop of blood.  

        මට අවශ්‍යයි ඉංග්‍රීසියෙන් කථාකරන්න.

        I want to speak in English. 

        අපි කැමති අසරණයන්ට පිහිට වෙන්න .

        We like to befriend the helpless. 

        මම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ විවාහ වෙන්න.    

      I hope to get married next year. 

 

Second Step

මේ  ටික නම් ගොඩක් වැදගත් යාලුවනේ ඒ නිසා හොදට බලාගන්න

 

Subject - ask         - objective - to + infinitive - details - Time period
               asks          Case
               asked
               will ask 

 මම ඉහත පෙන්නපු රූපසටහනට, වෙන වෙනම උදාහරණ මෙන්න 

Eg:- You ask her to stay at there today
        ඔයා ඇයට කියන්න අද එහේ නතර වෙන්න කියා.

        He asks her to stay at there today.
        ඔයා ඇයට කියනවා අද  එහේ නතර වෙන්න කියා.

        I asked her to stay at there yesterday 
        මම ඇයට කිව්වා ඊයේ එහේ නතර වෙන්න කියා. 

        They will ask her to stay at there tomorrow.
        ඔවුන් ඇයට කියවී හෙට එහේ නතර වෙන්න කියා.

        We will ask her to stay at there tomorrow.
        අපි ඇයට කියන්නම් හෙට එහේ නතර වෙන්න කියා.  

Third Step

Not  to - එපා කියා 

Eg:- Not  to sulk
        බුම්මගෙන ඉන්න එපා කියා  

        Not to domineer
        උඩගු ලෙස හැසිරෙන්න එපා කියා  

        Not to disgust
        කලකිරවන්න එපා කියා  

        Not to disregard 
        ගනන්නොගෙන එන්න එපා කියා

       

Subject - ask         - objective -not to + infinitive - details - Time period
               asks          Case
               asked
               will ask 

 මෙන්න මේ වගේ වාක්‍ය මෙමගින් සාදන්න පුළුවන් 

ඔයා ඔවුන්ට කියන්න රස්තියාදු ගහන්න එපා කියලා 
You ask them not to loiter.
 
ඈ මට කියනවා ඇයව අමතක කරන්න එපා කියලා 
She asks me not to forget her.
 
ඔහු  අපට කිව්වා පාරේ සෙල්ලම් කරන්න එපා කියලා 
He asked us not to play on the way/road
 
මම  ඔහුට කියන්නම් මීට පස්සේ දැන දැන වැරදි කරන්න එපා කියලා 
I will ask him not to offend wittingly hereafter.

මම  ඔවුන්ට කියනවා නොසැලකිල්ලෙන් වැඩ කරන්න එපා කියලා 
I ask them not to scamp. 


හරි  යාලුවනේ ඔන්න අරමුණු ප්‍රකාශ කරන හැටිත් කියල දීලා  ඉවරයි එහෙනම්,  දැන් මගේ යාලුවෝ ඉංග්‍රීසියෙන් කථා කරනවා ඇති නේ  එක කරන්න නිතරම,කරන් නැති අයත් අදම පටන් ගන්න නැත්නම් නම් ඉංග්‍රීසි ඉගනගන්න බෑ ඔන්න....අර කතාවකුත් තියනවනේ වතුරට බහින්න ඕන පීනන්න ඉගනගන්න කියලා ඒ නිසා වැරදුනාට කමක් නෑ මොකෝ මේක අපේ භාෂාවක්ය.ඒ නිසා කිසි අවුලක් නෑ නිතරම කරන කියන සෑම දෙයක්ම ඉංග්‍රීසි භාෂාව උපයෝගී කරගෙන කියන්න බලන්න හොදේ...... 
                  ඔබට කියන්න දෙයක් ඇත්නම් පහතින් එය සදහන් කරන්නත් අමතක කරන්න එපා එහෙනම් ගිහින් එන්නම් තවත් වැදගත් ලිපියක් අරගෙන 
                                                                            ඔබට ජය!