Saturday, June 29, 2013

සර්වනාම (Pronouns)

සර්වනාම අර්ථදැක්වීම
නාම පදයක් වෙනුවට භාවිතා කරනු ලබන වචනයක් සර්වනාම පදයක් ලෙස හැදින්විය හැකිය.

Pronouns  Definition
A Pronouns is a word used intend  of a noun.

Eg:- Nuwan followed a girl.
        (noun)                    (noun)
        නුවන් ගැහැනු ළමයෙක් පසුපස ගියා.

        He gave her a letter
        (Pronouns)   (Pronouns)
        ඔහු ඇයට ලිපියක් දුන්නා
   
        He gave a letter  to her.
     (Pronouns)                       (Pronouns)                 මෙහි He සහ her සර්වනාම වේ.                    

            But she refused it                         මෙහි She සහ it සර්වනාම වේ .
            (Pronouns)          (Pronouns)
       නමුත් ඇය එය ප්‍රතික්ෂේප කරා

මේකේ අදහස කෙටියෙන් කිව්වොත්  යාලුවනේ අපි ඔන්න දෙයක් ගැන කියද්දී එකේ නම නිතරම කියන් නෑ  නේ.උදාහරණයක් කිව්වොත් "සමන් ජපානයට ගියා"දැන් අපි නිතරම සමන් ගැන කථා කරද්දී සමන් සමන් කියලම කියන නෑ නේ අපි "ඔහු" කියලත් කියනවනේ අන්න එතකොට ඒ ඔහු කියන එක තමයි සර්වනාම නාමය වෙන්නේ. මෙන්න මේ මම පහත දක්වා ඇති වගුවත් සමග අපි සර්වනාම තවත් පැහැදිලි කරගමු


         මේ වගුවේ තීරු 6 මම වෙනවෙනම පැහැදිලි කරන්නම් කෝ .......

1 වන තීරුව                                                                                                                                                  Nominative Case - උක්ත අවස්ථාව 
  වැකියක කතෘ හෙවත් උක්තය (Subject) ලිවිම සදහා උක්ත අවස්ථාවේ පද භාවිතා කරයි .

Eg:- I admire such things
        මම එවැනි දේවල් අගය කරනවා     මේකේ Nominative Case එක තමයි "I" 
2 වන තීරුව
objective Case - අනුක්ත අවස්ථාව  
   වැකියක ක්‍රියාපදයකට (Verb) පසුව හෝ නිපාත පදයකට(Preposition) පසුව අනුක්ත අවස්ථාවේ පදයක් භාවිතා කල යුතුය. 

Eg:- They    disgrace   us.
    (Nominative Case)        (Verb)          (objective Case)   
            ඔවුන් අපට නින්දා කරනවා 


            I        know     about     him
  (Nominative Case)                      (Preposition)     (objective Case)   
           මම ඔහු ගැන දන්නවා

        
           They     asked    me         about    her
     (Nominative Case)    (Verb)     (objective Case)   (Preposition)  (objective Case)

            ඔවුන් ඇය ගැන මගෙන් ඇහුවා
            

3 වන තීරුව                                                                                                                                                  Possessive adjective - අයිතිවාසිකම් හදුන්වන නාම විශේෂණ  
  අයිතිවාසිකම් හදුන්වන නාම විශේෂණ පදයකට පසුව අනිවාර්යෙන්ම නාම පදයක් භාවිතා කල යුතුය. 

            Possessive adjective   +   Noun   
  
My idea                    -      මගේ අදහස
Our mother tongue   -      අපගේ මව් භාෂාව
your heritage            -      ඔයාගේ උරුමය
your humanity          -      ඔයාලගේ මනුෂ්ෂත්වය
His aspirations          -      ඔහුගේ අපේක්ෂාවන්
Her gait                     -     ඇයගේ ගමන් විලාසය
It s leather                 -     උගේ සම
Their mother land     -     ඔවුන්ගේ මවු භුමිය       

Eg:- මම මගේ අදහස ප්‍රකාශ කරන්නම් 
        I will express my idea.
        ඔවුන් අපේ මව් භාෂාව හදාරනවා 
        They follow our mother tongue

 4 වන තීරුව
Possessive Pronouns -  අයිතිවාසිකම් හදුන්වන සර්වනාම
  අයිතිවාසිකම් හදුන්වන නාම විශේෂණ පදයක් සමඟ යෙදෙන නාම පදයක් වෙනුවට අයිතිවාසිකම් හදුන්වන සර්වනාම පදයක් භාවිතා කරනු ලබයි.
          ඒ කියන්නේ යාලුවනේ මම 3 වන තීරුව විස්තර කරද්දී පෙන්නුව මෙන්න මේ සමීකරණය (Possessive adjective   +   Noun)   අපිට මේ Possessive Pronouns වලට සමාන කරන්න පුළුවන් කියනඑකයි 

          (Possessive adjective   +   Noun)    =   Possessive Pronouns 

Eg:- This is my pen
        මේක මගේ පෑන    
        This is mine
        මේක මගේ  

මේ වාක්‍ය 2 මම එකටම  යටින් ඉරි ඇදලා තියන my pen වෙනුවට  Possessive Pronouns එකක් වන mine අපට භාවිතා කල හැක.


 5 වන තීරුව
 Reflexive Pronouns - ස්වකර්මවාචි සර්වනාම
    ක්‍රියාව කරනු ලබන පුද්ගලයාට ක්‍රියාවට යටත් වන අවස්ථාවේදි මෙ
ස්වකර්මවාචි සර්වනාම පදයක් භාවිත කරනු ලබයි.උදාහරණයක් ලෙස කිව්වොත් "ඔහු ඔහුටම වෙඩි තියාගත්තා"වගේ වාක්‍ය නිරුපණයට මෙය භාවිතා කරයි.

Eg:- ඇය ඇයටම ගහගත්තා
        She hit her self
        ඔහු ඔහුටම වෙඩි තියාගත්තා
        He shoot him self
        ඔහු ඔහුටම බැනගත්තා  
            He blamed him self
        අපි අපිවම පවා දෙනවා 
        We betray our selves

 6 වන තීරුව
 Emphasizing  Pronouns - අවධාරත්මක  සර්වනාම
                     යම්කිසි වචනයක් අවදාරණය කොට ප්‍රකාශ කිරීම සඳහා
අවධාරත්මක  සර්වනාම පදයක් භාවිතා කරනු ලබයි.
උදා:- ( ම , මයි  )
        
Eg:-   I saw that incident.
          මම ඒ සිදුවීම දැක්කා.
          I my self  saw that incident
          මම මයි ඒ සිදුවීම දැක්කේ.
         
      1. ඔයාමයි පොරොන්දු කඩ කරන්නේ              You your self break promises.
      2. අපිමයි ඒ විදියට නෝන්ඩිවන්නේ 
          We our selves founder that way.
      3. ඔවුන්මයි අපට කරදර කරන්නේ 
          They them selves bother us.

   ඔන්න ඔය විදියට ඔයාලට කැමති කැමති විදියේ වාක්‍ය සාදාගන්නට මේ ක්‍රම යොදාගන්න පුළුවන්, මේ මම සදහන් කරපු වාක්‍ය නේ ඔයාලටත් ඕන විදියේ වාක්‍ය මේ සෑම ක්‍රමයක්ම උපයෝගී කරගෙන සාදාගන්න පුළුවන්.
                එහෙනම් ඔන්න  සර්වනාමත් කියල දුන්නා ඊළගට තවත් වැදගත් ලිපියකින් හමුවෙමු
 
                                                                                       ඔබට ජය !
   
 
    

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    


Monday, June 24, 2013

අතීතය සහ අනාගතය

    The Simple Future Tense
සරළ අනාගත කාලය

 යාලුවනේ, ඕනෑම ක්‍රියාපදයක මුලික ස්වරුපයක් (ඒ කියන්නේ infinitive) ගෙන එය ඉදිරියෙන් "විල්" (Will) භාවිතා කිරීමෙන් අපිට අනාගත කාලයක(Future Tense) වාක්‍යක් නිර්මාණය කරගත හැකිය.


infinitive           will infinitive        Future tense
                                                        ......වි /......නම්
මෙන්න උදාහරණ :

enrobe - මහන වෙනවා                       Will enrobe - මහන වේවි / මහනවෙන්නම් 
disrobe- සිවුරු අරිනවා                        Will disrobe - සිවුරු අරිවී / සිවුරු අරින්නම් 
Vociferate- හඬනගා ප්‍රකාශ කරනවා    Will Vociferate-හඬනගා ප්‍රකාශකරාවි / හඬනගා ප්‍රකාශකරන්නම්  


දැන් මේ රටාවෙන් වාක්‍ය ටිකක් නිර්මාණය කරලා  අනාගතය තවත් තහවුරු කරගමු.

Subject - Will infinitive - Details - Time Period

Eg:- මම ඉක්මනින් සුදානම් වෙන්නම්. 
        I will get ready soon.
        ඔවූන් කල් තියා සාදයට ඒවි.
        They will come for the party before hand.
        අපි හැකි ඉක්මනින් එතනට ලගා වෙන්නම්.
        We will reach there as soon as possible.
        හැමෝම වැඩසටහනට සහභාගී වේවි. 
        Everyone will Participate in the programme.
        යා රැවටෙවී. 
        You will be cheated.

 

The Simple Past Tense
සරළ අතීත කාලය 

 Subject  -  Verb  -  details  -  Time period 
                                  (මේ verb එක Past tense වලින් තියන්න ඕන)

මම ඊයේ රචනාවක් ලිව්වා.
I wrote an assay yesterday.
අපි ගිය සිකුරාදා ඒ තරගය පැවැත්වුවා.
We held That match last Friday.  
හැමෝම අතන කලබල කරා.
Everyone excited there. 
මම එහෙම හිතුවා.
I thought so.
ඇය එක පාරටම බැහැයි කිව්වා.
She denied at once.
ලලන්ත ඊයේ පාසලේදී ක්ලාන්ත වුණා.
Lalantha fainted at school yesterday.



 දැන් මම කාල දෙකකට අදාල වාක්‍ය තනන විදිය ඔයාලට කියල දුන්නනේ ඉතිං දැන් මේවා උපයෝගී කරගෙන නිතරම වාක්‍ය හදන්න,වාක්‍ය හදන්න ලියන්නම ඕන නෑ හිතින් ඔය නිකන් එන්න ගමන් වාක්‍ය හදන්න ඊට පස්සේ  වචන පාඩම් කරගන්න වැඩේට කැමැත්තක් ඇති කරගන්නකො එතකොට නිකන්ම Grammar ටික අල්ලා ගන්න පුළුවන් කිසි දෙකට බයවෙන්නේ එපා.
                                                         මම ඊලග ලිපියෙන් ඔයාලට කියල දෙන්නම් කෝ "සර්වනාම" අර Pronouns කියන්නේ අන්න ඒවා.  
                                                         හරි එහෙනම් ගිහින් එන්නම්කෝ  ඒ ලිපියත් හදාගෙන...... 
          
                                                                                  ඔබට ජය ! 


 
                                                       





Friday, June 21, 2013

නීති හතරක තරම

මේ ලිපියෙන් මම ඔයාලට තවත් වැදගත් දේවල් ටිකක් කියන්නයි යන්නේ  විශේෂයෙන්ම මම ගොඩක් වැදගත් වන නීති 4ගැන ඔබට කියා දෙන්නයි යන්නේ එහෙනම් බලමුකෝ ඒ ටික ,

   මෙන්න මේකයි කථාව වර්ථමාන කාලයේදී (Present Tense) වැකියක කතෘ(Subject) ඒකවචන(Singular) වූ විට එම වැකියේ ක්‍රියා පදයද  (Verb) ඒකවචන ස්රුපයෙන් අනිවාර්යෙන්ම තැබිය යුතු වේ.මම කිව්ව එක ඔයාලට රූපසටහනකින් පෙන්නුවොත් මෙන්න මෙහෙමයි,

 
        ඉංග්‍රීසි භාෂාවාට අනුව He  ,  She , it  යන කතෘ පද ඒකවචන ලෙස තමයි සලකන්නේ,එමෙන්ම ඒ හා සමාන නාමපදත් ඒකවචන ලෙස සැලකේ.වැදගත් දෙයක් තමයි Every-(සෑම/හැම ) යන පදයෙන් පටන් ගන්නා නාම පදයක් ඒකවචනයක් ලෙස තමයි සලකන්නේ.

දැන් තමයි ඔන්න මම අර කිව්ව නීති 4 ට බහින්නේ,

වාක්‍යක කර්තෘ එක වචන නම් ක්‍රියාවද අනිවාර්යෙන්ම ඒකවචන ස්වරුපයෙන් තියන්න ඕන නේ එත් කොහොමද එක කරන්නේ????මෙන්න මෙහෙමෙයි 

ක්‍රියාපද ඒකවචන කිරීමට පහත සදහන් නීති අනුගමනය කරයි.

1.ක්‍රියාවක මුලික අවස්ථාව S , Sh , Ch , X  වලින් හෝ  O අකුරින් අවසන් වෙනවා නම් අපි එහි අගට "es" එකතු කරගෙන  ඒකවචන ස්වරූපය ගොඩනගාගත යුතුයි.    

 "S" අකුරින් අවසන් වන ක්‍රියා පද සහ ඒවාට උදාහරණ,

 Caress     - සුරතල් කරනවා /වැලදගන්නවා     Caresses
 Surpass   - අභිබවා යනවා                               Surpasses
 Kiss        - සිපගන්නවා                                   Kisses
 harass     - ලෙල්ලම් කරනවා/පීඩාකරනවා      harasses
 trespass   - අවසර නොගෙන ඇතුළුවෙනවා     trespasses


1.ඇය ඒ බබාව සුරතල් කරනවා .
   She Caresses that baby.
2.දමිත් හැමදාම පංතියට අවසර නොගෙන ඇතුළු වෙනවා.
  Damith trespasses the class everyday.
3.හැමෝම ඒ දුප්පත් ශිෂ්‍යාට පීඩා කරනවා 
  Everybody harasses that indigent pupil.
4.ඒ පුද්ගලයා හැම භාදකයක්ම දක්ෂ ලෙස අභිබවායනවා.
  That person surpasses every obstacle cleverly.     


 "Sh" අකුරින් අවසන් වන ක්‍රියා පද සහ ඒවාට උදාහරණ,


lavish       - අධික ලෙස වියදම් කරනවා                 lavishes   
Vanish      - අතුරුදහන්වනවා / නොපෙනියනවා    Vanishes
banish       - පිටුවහල් කරනවා                               banishes
Polish        - ඔපදමනවා                                        banishes
Varnish      - ඔපදමනවා / ඔපය                             Varnishes
Vanquish   -යටත්කරගන්නවා                               Vanquishes

1.ඒ ව්‍යාපාරිකයා අධික ලෙස මුදල් වියදම් කරනවා 
   That businessman lavishes money.
2.ඇය පිරිමි ළමයින්ව වසගයට ගන්නවා 
   She mashes the boy.

මම දීලා නැති වචන යොදාගෙනත් උදාහරණ දෙන්නම් කෝ  එතකොට තවත්  අලුත් වචන හුරුවෙනවා  නේ 



 "Ch" අකුරින් අවසන් වන ක්‍රියා පද සහ ඒවාට උදාහරණ,


 Scratch   - කසනවා / පහුරුගානවා                          Scratches
 Catch     - අල්ලනවා / වැළදෙනවා / බෝ වනවා      Catches
 match     - ගලපනවා / සරිලනවා                             matches
 patch      - කෑල්ලක් තියල අල්ලනවා/ණ්ඩ දානව  patches
 preach    - දේශනාකරනවා / උගන්වනවා               preaches


1.ගයනි ඕනෑම දෙයක් නිවැරදිව ගලපනවා.
   Gayani matches anything correctly.  
2.ඒ උප පොලිස් පරීක්ෂක වරයා උපායශිලිව සොරුන් අල්ලනවා.
   That Sub inspector of police catches the thieves tactfully.
3.ඒ හාමුදුරුවෝ චතුර ලෙස දහම් දේශනාකරනවා.
   That monk preaches daham fluently.


 "X" අකුරින් අවසන් වන ක්‍රියා පද සහ ඒවාට උදාහරණ,

 Fix      - සවිකරනවා                                  Fixes
 mix     - කලවම්කරනවා / මිශ්‍ර කරනවා      mixes
 relax   - විවේක ගන්නවා                           relaxes
 vex     - හිරිහැරකරනවා / පීඩා කරනවා      vexes

1.ඔහු අද ඒ එංජිම සවිකරනවා 
   He fixes that engine today.
2.ඒ බෙහෙත් වෙළෙන්දා නොසැලකිලිමත්ව බෙහෙත් කලවම් කරනවා.
   That pharmacist mixes drugs neglectfully.
3.හැමෝම මේ සිසුවාට මගදී පීඩාකරනවා.
   Everyone vexes this student on the way.


  "O" අකුරින් අවසන් වන ක්‍රියා පද සහ ඒවාට උදාහරණ,
  
  go               -  යනවා / ගතවනව                                   goes
  do               -  කරනවා / හදනවා /පිළියෙළ කරනවා      does
  undo           -  ලිහනවා                                                 undoes
  echo            - ප්‍රතිනාද දෙනවා /රැව් පිරි රැව් දෙනවා       echoes
  bastinado    - යටි පතුලට පහර දීමෙන් දඬුවම් කරනවා. bastinadoes

1. විජේසිංහ මහත්මයා කෝච්චියෙන් වැඩට යන්නේ.
    Mr:Wijesinhe goes to work by train.
2. ඒ බියකරු ශබ්දය හැම රැයකම කෑලාතුළින් දොන්කාරදෙනවා.
    That terrible Sound echoes through the jungle every night.
3. ඔහු හැම බැරෑරුම් වැඩක්ම කඩිසරව කරනවා. 
    He does every formidable task diligently.   

2.ක්‍රියාවක මුලික අවස්ථාව "Y"අකුරින් අවසන් වන විට දී , යාලුවනේ ඊට ඉදිරියෙන් ස්වර (Vowels - a,e,i,o,u)වලට අයිති අකුරක් තිබුනොත් එම ක්‍රියාව ඒකවචන කිරීමට අගට "S"එකතු කල යුතුයි. 


එයට උදාහරණ 
මම උදාහරණ 2 පමණක් S අකුර යොදල පෙන්නවන්නම්  යාලුවනේ   (say & prepay)

Say          - කියනවා /පවසනවා                       Says
gainsay    - පටහැනිව කථාකරනවා
Pay          - ගෙවනවා 
repay       - නැවත ගෙවනවා
prepay     - කලින් ගෙවනවා                            prepays
buy          - මිළදී ගන්නවා
delay       - අතපසුකරනවා / ප්‍රමාද වෙනවා
decoy       - උපායෙන් රවට්ටගන්නවා
Pray         - යදිනවා
Convey    - ගෙනයනවා / පමුණුවනවා

1.ඒ ගෑණි පරුස වචන කියනවා.
   That women says smuts.
2.ඔහු සේවකයන්ට සෑම මසකම කලින් ගෙවනවා.
   He prepays the workers every month. 
3.හැමෝම ඒ පුද්ගලයාට හිරිහැර කරනවා.
   Everybody annoys that person  
4.ඔහු ගැනු ළමයින්ව උපායෙන් රවට්ටගන්නවා.
   He decoys the girls

         ක්‍රියාවක මුලික අවස්ථාව "Y" අකුරින් අවසන් වෙනවා.එත් ඊට ඉදිරියෙන් ව්‍යංජන අකුරක් තිබ්බොත් මොකද කරන්නේ ආ....එක තමයි තුන්වන නියමය 

3.ක්‍රියාවක මුලික අවස්ථාව "Y" අකුරින් අවසන් වන විටදී ඊට ඉදිරියෙන් ව්‍යංජන අක්ෂරයකට (Consonant) අයත් වන අකුරක් තිබුණහොත් ක්‍රියාව ඒකවචන කිරීමට මෙම "Y" ඉවත් කර අගට "ies"එකතු කලයුතුයි. 

මෙන්න එකට නිදසුන් 

මම මේකෙ  උදාහරණ 3 පමණක් ies  යොදල පෙන්නවන්නම්  යාලුවනේ 

deny         - නැහැයි කියනවා / බැහැයි කියනවා   denies
study        - පාඩම් කරනවා / ඉගන ගන්නවා        studies
beautify    - අලංකාර කරනවා / සරසනවා           beautifies
terrify       - භයකරනවා
fry            - බදිනවා
try             - උත්සහකරනවා
cry            - අඬනවා
carry         -රැගෙනයනවා / අරගෙනයනව 

1.හැමෝම අද වේදිකාව සරසනවා. 
  Everybody beautifies stage today.
2.ඒ මිනිහා රෑට පුංචි ළමයින්ව භය කරනවා.
  That man terrifies small children at night.
3.නිමල් මහත්තයා වැසි දවස් වලට කුඩයක් අරගෙන යනවා 
  Mr: Nimal carries an umbrella on rainy days
4.හැම සිසුවෙක්ම නෙවසිකගාරයේදී උනන්දුවෙන් පඩාම්කරනවා 
  Every student studies earnestly at the hostel

ඔන්න යාලුවනේ අවසන්  නීතිය බලන්කෝ

4.ක්‍රියාවක මුලික අවස්ථාව s , sh , ch , x , o  වලින් හෝ  y අකුරින් අවසන් නොවන විටදී ක්‍රියාව ඒකවචන කිරීමට අගට "S" එකතු කල යුතුයි.


එයට උදාහරණ

attack         - පහරදෙනවා                           attacks
assault        - පහරදෙනවා                           assaults
ban             - තහනම් කරනවා                     bans
beg             - සිගාකනවා                             begs
borrow       - ණයටදෙනවා                          borrows
suffer         - දුක්විදිනවා                              suffers
economize - අරපිරිමැස්මෙන් වැඩකරනවා   economizes
traffic         - වෙලහෙලදම් කරනවා             traffics


1.පෙරේරා මහත්මිය සාරී අදිනවා.  
   Miss Perera wears sarees.
2.ඒ ළමයා විනෝදාංශයක් වශයෙන් පැරණි කාසි හා මුද්දර එකතු කරනවා. 
   That child collects old coins and stamp as a hobby.
3.මේ බල්ලා හැමදාම උඩුබුරනවා.
   This dog howls everyday.
4.ඔහු පුරුද්දක් වශයෙන් දුම්පානය කරනවා.
   He smokes as a habit.
5.ඕනෑම ගැනු ළමයෙක් විලාසිතා පානවා.
   Any girl coquets.
   
 
  •  තවත් වටිනා , වැදගත් ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩමක් රැගෙන ඉක්මනින් එන්නම්   
                                                                                   ඔබට ජය !